Beauty
රෝස පෙතිවන් තොල් යුගලක් දින කිහිපයකින් ලබා ගමුද
මෙන්න විස්මිත ක්‍රමවේද රැසක්
ඔයාලා ස්වභාවිකවම ලස්සන සිනිඳු රෝස පැහැති තොල් වලට ආසා නම්, ඒ වෙනුවෙන් සත්කාර කළ යුතුයි. මේ සඳහා සල්ලි හුඟක් වියදම් කරන්නට අවශ්‍ය නැහැ. ගෙදර තියෙන දේවල්වලින් මේකට හොඳ විසඳුමක් ලබාන්න පුළුවන්.
කිරි සහ රෝස පෙති
කිරි මේස හැන්දකට රතු රෝස පෙති කීපයක් එකතුකර පොඩි කරන්න. කිරි ටික රෝස පාට වෙනකම් මෙසේ රෝස පෙති පොඩි කරන්න. ඉන්පසු රෝස පෙති ඉවතට ගෙන කිරි ටික ශීතකරණයේ තබන්න. ශිත වුන පසු ආමන්ඩ් කුඩු ටිකක් එකතු කර ආලේපයක් ලෙස සද ගන්න. තොල්මත ආලේප කර විනාඩි 10-15 කට පසු පොගවගත් පුළුන් කැබැල්ලක් මගින් ඉවත් කර ගන්න. මෙය කිරීමෙන් ඔබේ තොල් සිනිදු වන අතර දීප්තිමත් බවක්ද ලැබේ.
රෝස පෙති කීපයක් කිරි වල ගිල්වා තබා බ්ලෙන්ඩ් කර අලෙපනයක් ලෙස හදා ගෙන ආලේප කිරීමෙන්ද රෝස පැහැති තොල් යුගලක් ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් කිරි වෙනුවට ග්ලිසරින් ද යොදන්න පුළුවන්.
මි පැණි
ඕනිම සමක තෙතමනය රැකදෙන්න පුළුවන් දෙයක් තමයි මේ පැණි. ඒ වගේම තොල් වල තෙතමනය රක ගැනීමට පාවිච්චි කරන්නත් පුළුවන්. මීපැණි මේස හැදී
(under the courtesy of goodhousekeeping.lk web)